නාවින්නේ අඹුසැමි යුවලගේ මරණය ඝාතනයක්
Friday, 07 February 2020 - 8:49 | Views - 844
මහරගම - නාවින්න - දේවානන්ද පාරේ තෙමහල් නිවසක අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැනුණු අඹුසැමි යුවලගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිව තිබෙනවා.

තෙමහල් නිවසකින් දුර්ගන්ධයක් හමන බවට 119 පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි මහරගම පොලිසිය පසුගිය ජනවාරි මස 30 වැනිදා එම මළ සිරුරු සොයාගනු ලැබුවේ.

ඊට දින 04 කට පමණ පෙර එම ඝාතන සිදුව ඇති බවත්, අදාළ යුවලගේ ගෙළට සහ හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

එම තෙමහල් නිවසේ පඩි පෙලක් මත තිබී 39 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයාගත් අතර, 40 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ සිරුර සොයා ගැනුණේ 03 වන මහලේ තිබියදීයි.

කෙසේ වෙතත්, ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මහරගම පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top