දින 328ක් අභ්‍යවකාශයේ ගතකර වාර්තාවක් තැබූ ක්‍රිස්ටිනා යළිත් පෘථිවියට
Friday, 07 February 2020 - 8:20 | Views - 543
කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා තිබූ අභ්‍යවකාශ ගමන් වාර්තාව බිඳ හෙළමින් දින 328ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් ඊයේ (6) පෘථිවියට ළඟාවීමට නියමිතව ඇත.

ඇය සමග යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලුකා පර්මිටානෝ සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ඇලෙක්සැන්ඩර් ස්ක්වොට්සොව් ද පැමිණෙයි.

ඔවුන් රැගෙන එන යානය කසකස්ථානයේ ස්ටෙප්ස් තෘණ භූමියට පැමිණෙන බව නාසා බලධාරීහු පවසති.

ඇමරිකාවේ මිචිගන්හි උපත ලැබූ 41හැවිරිදි ක්‍රිස්ටිනා කෝච් වෘත්තියෙන් ඉංජිනේරුවරියකි.

ඇය බිඳ හෙලනු ලැබූයේ 2019 වසරේදී ඇමරිකානු ජාතික පෙගී විට්සන් විසින් දින 289ක් අභ්‍යවකාශයේ ගතකරමින් තැබූ වාර්තාවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රිස්ටිනා සහ නාසාහි සහකාරිය වන ජෙසිකා මේර්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත මෙහෙයුමක් සිදුකළ ප්‍රථම කාන්තා යුගලය බවට පත්වෙමින් වාර්තාවක් ද තැබූහ.

Image result for Christina set a record 328 days in space todayImage result for Christina set a record 328 days in space today
Image result for Christina set a record 328 days in space today
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top