රෝගය ගැන අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයෙක් මරුට
Friday, 07 February 2020 - 8:06 | Views - 620

කොරෝනා වෛරසරයෙන් පීඩාවට පත්ව සිටින චීන ජාතිකයන් වෙනුවෙන් ලොව ප්‍රචලිත සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.
චීන තානාපති චෙංග් ෂියුආන් වෙත අදාළ තේ තොගය ඊයේ ජනාධිපති කාර්යාලයේදී භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දුෂ්කර අවස්ථාවේ චීන රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය දැක්වූ සහයට චීන ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට තානාපතිවරයා, ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.
චීනයේ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ එරට සිටි ශ්‍රී ලාංකික සිසුන් 734 දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව චීනයේ වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තවත් සිසුන් කිහිප දෙනෙකු පමණක් චීනයෙහි රැඳී සිටින බවයි.
ඔවුන් මෙරටට පැමිණෙනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවද ඔහු කියා සිටියා.
මාරාන්තික වෛරසයක් පැතිර ගිය ද, චීනය සමග අඛන්ඩව මිත්‍රශීලි රටක් ලෙස කටයුතු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ පැසසුමටද ලක් වුණා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 16 දෙනෙකු තවමත් කොළඹ අයි.ඩී.එච් රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 636 ඉක්මවා ඇති අතර, වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් නව මරණ 69ක් වාර්තා වී තිබෙනවා.
ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 2447ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 28,000 ඉක්මවනවා.
මේ අතර, කොරෝනා වෛරසය ගැන මුලින්ම අනතුරු ඇගවීමක් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයෙකු ද වෛරසයට ගොදුරු වීමෙන් අද අලුයම මරණයට පත්වුණා.
ලී වෙන්ලියැන් නැමැති එම වෛද්‍යවරයා රෝගය පිළිබදව පසුගිය දෙසැම්බර් 30 වන දා අනතුරු ඇගවීමක් කළේ සිය වෛද්‍ය සඟයන්ට පණිවුඩ යවමින්.
ඔහු කියා සිටියේ නව කොරෝනා වෛරසය 2002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් විය හැකි බවයි.
කෙසේ නමුත්, චීන බලධාරීන් ව්‍යාජ කට කතා පතුරුවන බවටත් සමාජය වියවුල් කරන බවටත් ඔහුට චෝදනා කළ අතර පොලීසිය වෙත කැදවා අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.
කෙසේ නමුත්, පසුව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් පටන් ගත් අතර, 34 හැවිරිදි වෛද්‍ය ලී වෙන්ලියැන්ටද වෛරසය ආසාදනය වූයේ වූහාන් රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදීයි.
වෛද්‍ය වෙන්ලියැන් චීන වේලාවෙන් අද අලුයම 2.58ට මිය ගිය බව ඔහු සේවය කළ රෝහල නිවේදනය කළ අතර, ඔහුගේ වෙයිබෝ සමාජ මාධ්‍ය පිටුවේ ද ඒ බව සටහන් කර තිබෙනවා.
එම වෛද්‍යවරයාට බලධාරීන් වැරදි ආකාරයෙන් සැලකූ බවට චීන ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුගිය සතියේ ප්‍රකාශයක් සිදුකළා.
එමෙන්ම ඔහුගේ මරණයට චීනයේ සමාජ මාධ්‍ය මගින් ද විශාල ප්‍රතිචාරයක් දක්වන බව සදහන්.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ ගිය ද නව කොරෝනා වෛරසය උපරිම මට්ටමකට පැමිණ ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බවයි.
එමෙන්ම, වෛරසය පැතිරීම පාලනය කිරීමේ යම් ස්ථාවරභාවයක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා විශේෂඥ වෛද්‍ය මයික් රයන් ප්‍රකාශ කළා.
මේ අතර, සිංගප්පූරුවේ මාස 06 ක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ, එරට කොරෝනා ආසාදනය වූ ලාබාලතම දරුවා බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
සිංගප්පූරුවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 28 ක් වන අතර, ඉන් එක් අයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
එමෙන්ම, තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article