පොලිස් සැරයන්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු පොලිස් භාරයට
Thursday, 06 February 2020 - 14:58 | Views - 504
වවුනතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද දහවල් මොවුන් මඩකලපුව -පුතූර් ප්‍රදේශයේදී මෙලෙස පොලිස් භාරයට ගත් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මේ වනවිට මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් බවට දැනට අනාවරණ වී තිබෙනවා.

අද පෙරවරුවේ තුවාල සහිත මෙම පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර වව්නතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේ තිබියදී සොයා ගනු ලැබුවේ වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

මියයන විට මොහු සිවිල් ඇදුමින් සිට ඇති අතර මියගිය ස්ථානයට යාබදව මොහුට අයත් ඉඩමක් ද පවතිනවා. ඝාතනයට ලක්වූ 55 හැවිරිදි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම දමිල ජාතික පොලිස් සැරයන්වරයා තිදරු පියෙක්.

මොහු ලබන මාසයේ විශ්‍රාම යාමට ද නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top