එක්නැලිගොඩ නඩුව කල් යයි
Thursday, 06 February 2020 - 14:45 | Views - 367
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කලේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව මේ මස 13 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
මෙම නඩුව අද කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනුවක් විත්තියේ නීතිඥවරුන් වෙත ලබා දුන්නා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු 09 දෙනෙකු නම් කර තිබුණා.
2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
Share This Article