වව්නතිව් පොලිස් සැරයන්වරයාගේ මරණය ඝාතනයක්
Thursday, 06 February 2020 - 12:37 | Views - 563
වවුනතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකුගේ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා.

පරීක්ෂණ මෙහෙයවන උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉඩම්  ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට අනුමාන කෙරෙන බවයි. වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයාගත්තේ අද උදෑසනයි.

 55 හැවිරිදි මඩකලපුව -පුතූර් ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන දමිල ජාතික පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් තිබුණා.

 මියයන විට මෙම පොලිස් සැරයන්වරයා සිවිල් ඇදුමින් සිට ඇති අතර මියගිය ස්ථානයට යාබදව මොහුට අයත් ඉඩමක් ද පවතින බවයි  පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ කණ්ඩායම් 4 ක් පත් කර තිබෙනවා.

මේ අතර මිරිහාන, තලපත්පිටිය, උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී රිවෝල්වරයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මිරිහාන පොලීසියට ලද තොරතුරක් මත මෙම රිවෝල්වරය සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top