පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් වවුනතිව් ප්‍රදේශයෙන් සොයාගනී
Thursday, 06 February 2020 - 11:46 | Views - 987
පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් වවුනතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේදී අද උදෑසන පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි.
55 හැවිරිදි මඩකලපුව -පුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් සැරයන්වරයා වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා.
මෙය ඝාතනයක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article