කිරුළපන ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක්
Thursday, 06 February 2020 - 10:07 | Views - 385
කිරුළපන සහ හයිලෙවල් මාර්ගය අවට ප්‍රදේශ කිහිපයකට අද පෙරවරුවේ සිට විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ අපජලය රැගෙන යන නළ මාර්ග අලූත්වැඩියා කෙරෙන ව්‍යාපෘතියක් හේතුවෙන් කිරුළපන ප්‍රදේශයේ භූගත රැහැන් මාර්ගයට සිදුව ඇති හානියක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි.
එය මේ වනවිට යථා තත්වයට පත් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article