යොකෝහාමා වරායට පැමිණි මගීන් 3700 ක් රැගත් නැවක් දින 14 ක් තිස්සේ නිරෝධායන ක්‍රියාවලියකට ලක්කිරීමට ජපන් බලධාරීන් තීරණය කර ඇත.
මෙම නැවේ සිටි එක් බ්‍රිතාන්‍ය ජාතිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.
නැවේ සිටි කිසිවකුට ජපානයට ගොඩබැසීමට ඉඩ දී නැත. ජපන් සෞඛ්‍ය ඇමැති කම් සුනබෝ නටෝ පැවසූවේ නැවේ සිටි මගීන් 10 ක් රෝග පරීක්ෂාව සඳහා රෝහලකට ගෙන ආ බවයි.
ඩයමන්ඩ් ප්‍රින්සස් නැමැති මෙම මගී නෞකාව යොකෝහාමා වරායට පැමිණ පසු එහි සිටි මගීන් පිරිසක් කානිවල් කොප් නැමැති නැවට මාරු කර ඇත. මේ අතර කොරෝනා වෛසරයට ගොදුරු වූ සංඛ්‍යාව 479 ක් ගෙන් වැඩි වී තිබේ. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පමණක් කොරෝනා ආසාදනය වූ රෝගින් 3156 ක් සිටින බව හෙළි වී ඇත.
එහෙත් චීනය තුළ ආසාදනය වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ගැන නිසි සංඛ්‍යා ලේඛන මෙතෙක් හෙළි කර නැත.
