කොරෝනා මරණ 563 දක්වා ඉහළට
Thursday, 06 February 2020 - 8:46 | Views - 553
චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 563ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිත සංඛ්‍යාව ද මේ වනවිට 28,018 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 3 දෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අතර, පසුගිය මාසයේ සිංගප්පූරුවේ සංචාරය කළ දෙදෙනෙකු ද වන බවයි කොරියාවේ රෝග පාලන හා මර්දන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඒ අනුව, දකුණු කොරියාවේ, කොරෝනා වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 17 ක් වනවා.

චීනයේ - වූහාන් නගරයෙන් ඉවත් කර ගත් මලයාසියානු ජාතිකයන් දෙදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

වූහාන් නගරයේ සිරවී සිටි මලයාසියානු ජාතිකයන්  107 දෙනෙකු පෙරේදා ක්වාලලාම්පූර් වෙත රැගෙන ආ අතර, ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි එරට වාර්තා සඳහන් කළේ.

ඒ අනුව, මලයාසියාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, වූහාන් නගරයෙන් ඉවත් කර ගත් රුසියානු පුරවැසියන් 78 දෙනෙකු නිරෝධායනය සඳහා ඊයේ සයිබීරියාව වෙත යොමුකළ බව විදෙස් වාර්තා සඳහන් කළා.

කොරෝනා වෛරසය ආසාදනය වූ ලාබාලතම දරුවා පිළිබඳ චීනයේ - වූහාන් නගරයෙන් වාර්තා වනවා.

එම දරුවා බිහි වී පැය 30 කට පසුවයි වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇත්තේ. දරුවා ප්‍රසූත කිරීමට පෙර මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව ද විදෙස් වාර්තා වල දැක්වෙනවා.

එමෙන්ම, චීනයේ කොරෝනා වෛරසය වැළඳුනු වයස්ගතම පුද්ගලයා 90 හැවිරිදි වියේ පසුවනවා.

මේ අතර, චීනයේ - වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන බවට වව්නියාව මහ රෝහලට ඇතුළත් කර සිටි තරුණියක් ඊයේ යාපනය මහරෝහල වෙත මාරු කර යැවුණා.

24 හැවිරිදි ඇය චීනයේ සිට පසුගියදා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව බදුල්ල මහ රෝහලටද චීනයේ සිට පසුගියදා දිවයිනට පැමිණි කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන තරුණියක ඇතුළත් කර තිබෙනවා.

මොණරාගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මෙලෙස ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවන් හි සංචාරකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිරෝධායන වැඩපිලිවෙල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක ඊයේ නිරීක්ෂණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top