අමානුෂිකව පුළුස්සා පියා වදහිංසාවට ලක්කළ පුතෙකු අත්අඩංගුවට
Thursday, 06 February 2020 - 8:33 | Views - 444
දේපල ලබා ගැනීමේ අරමුණින් තම පියා අමානුෂික අයුරින් පුළුස්සා වඳ හිංසාවට ලක්කළ පුතෙකු අත්අඩංගුවට ගෙන මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු යක්කල - බටපොල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදෙරු පියෙකු වන අතර අමානුෂික වද හිංසනයට ලක් වූ පියා 73 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු පියා සතු දේපල ලබා ගැනීමේ අරමුණින් මැදවච්චිය ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසක ඔහු සිරකොට විදෙස් රටකින් ගෙන් වූ ලේසර් කිරණ නිකුත් කෙරෙන උපකරණයක් ආධාරයෙන් ඔහුව පුළුස්සා ඇති බව සඳහන්.

එසේම, අදළා නිවස තුළදී පියා දම්වැල් වලින් ගැටගසා ඔහුට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ. සැකකාර පුත්‍රයා මෙරට කාන්තාවක් සමඟ පෙර විවාහයක් සිදුකරගෙන ඇති අතර, පසුව ඔහුව විදේශීය කාන්තාවක් සමඟ විවාහ වී යක්කල ප්‍රදේශයේ ජිවත්වී තිබෙනවා.

වද හිංසාවට ලක් වූ පියා මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top