යතුරුපැදියට තෙල් ගහන්න ගිය තරුණයකුගේ මූණට තෙල් ගැසූ පොම්පකරු
Wednesday, 05 February 2020 - 14:53 | Views - 1,253
තම යතුරුපැදියට පෙට්රල් ගසා ගැනීමට 03 වැනිදා සවස කඩවත නැලිගම හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත ගිය තරුණයකු සහ එහි සේවයේ නිරත පොම්පකරුවකු අතර සිදුවූ බහින්බස් වීමක් අතරතුර සේවකයා විසින් පෙට්රල් බටයෙන් තරුණයාගේ ඇඟට පෙට්රල් විදීම නිසා ඇස්වලට සහ මුහුණට සිදුවූ තුවාල හේතුවෙන් 23 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කඩවත පදිංචි තරුණයාගේ දෑස් සහ ශරීරයට පෙට්රල්වලින් හානි සිදුවී ඇති අතර සැකකාර පොම්පකරු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 04 වැනිදා මහර වැඩබලන මහෙස්ත්රාත් වාසනා එල්ලාවල මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කඩවත පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.
Share This Article