යතුරුපැදියට තෙල් ගහන්න ගිය තරුණයකුගේ මූණට තෙල් ගැසූ පොම්පකරු
Wednesday, 05 February 2020 - 14:53 | Views - 1,254
තම යතුරුපැදියට පෙට්‍රල් ගසා ගැනීමට 03 වැනිදා සවස කඩවත නැලිගම හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත ගිය තරුණයකු සහ එහි සේවයේ නිරත පොම්පකරුවකු අතර සිදුවූ බහින්බස් වීමක් අතරතුර සේවකයා විසින් පෙට්‍රල් බටයෙන් තරුණයාගේ ඇඟට පෙට්‍රල් විදීම නිසා ඇස්වලට සහ මුහුණට සිදුවූ තුවාල හේතුවෙන් 23 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කඩවත පදිංචි තරුණයාගේ දෑස් සහ ශරීරයට පෙට්‍රල්වලින් හානි සිදුවී ඇති අතර සැකකාර පොම්පකරු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 04 වැනිදා මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩවත පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top