මන්ත්‍රී රන්ජන්ගෙන් හඬ පට කිහිපයක් පාර්ලිමේන්තුවට?
Wednesday, 05 February 2020 - 13:19 | Views - 460
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් තමන්ගේ දුරකථන සංවාද ඇතුළත් බව කියන හඩපටයක් පාර්ලිමේන්තු හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
 
ඒ, පසුගිය 31 වන සිකුරාදා පස්වරුවේදියි. මෙලෙස හැන්සාඞ් දෙපාර්තමේන්තුවට භාරදුන් හඩපටය සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු පුස්තකාලය වෙත භාරදී ඇති බවයි වාර්තාවන්නේ.

මෙවැනි හඩ පටයක් සභාගත කර පාර්ලිමේන්තු පුස්තකාලයට ලබාදුන් පසු එය ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පරිහරණය කළ හැකි වනවා.
 
පිටස්තර පාර්ශවයක් විසින් මෙවැන්නක් පරිශීලනය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළ යුතුයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන සංවාද ඇතුළත් හඩපට සභාගත කරන බවට මුල්වරට ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි මස 21 වනදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින්.
 
කෙසේ වෙතත් දින කිහිපයක් ගතවනතුරුත් ඔහු කිසිදු හඩපටයක් පාර්ලිමේන්තු හැන්සාඞ් දෙපාර්තමේන්තුවට භාරදී තිබුණේ නැහැ.
 
හඩපට කිසිවක් පාර්ලිමේන්තුවට නොලැබුණු බව කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයාද දෙවරක් නිවේදනය කළා.
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ චෝදනාවටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top