ලෙඩ සුව කරගන්න දේවාලෙට ආපු කාන්තාවකට කපුවා කළ දේ
Wednesday, 05 February 2020 - 11:23 | Views - 382
ඌරුබොක්ක පට්ටිගල ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට ලෙඩ සුව කර ගැනීම සදහා පැමිණි කාන්තාවකගෙන් මුදල් ලක්ෂ පහකට අධික මුදලක් වරින් වර කපු මහතා විසින් ලබාගත් බවත් එම මුදල් ලබා ගනු ලැබුවේ තමන්ට තිබෙන ලෙඩක් සුව කර ගැනීම සදහා පූජා පැවැත්වීමට,බුදන් වහන්සේ වැඩිය ස්ථාන වැදිම් කිරීමට සහ තම ඇගට ඇතුල්වී තිබෙන දිෂ්ටිය ඉවත් කිරීම සදහා යයි පවසමින් මැකිලියතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 කාත්වකගෙන් පැමිණිල්ලක් ඌරුබොක්ක පොලීසියට ලැබී තිබුනා.

එම පැමිණිල්ලේ වැඩිදුරටත් පැමිණිලිකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් තමන් ලබාදුන්නේ තම ත්‍රීරෝද රථයත් දළු කඩන අක්කර දෙකක ඉඩමත් උගසට තැබීමෙන් බවට පැමිණිලිකරු කියා ඇත.දේවාලයේ කපුවා විසින් සිදුකල කිසිදු දෙයකින් තමන්ගේ ලෙඩය සුව නොවුන බවත් එම නිසා දේවාලයේ කපුවා බොරු කරනවා මගෙන් වරි වර ලබාගත් මුදල් මම ඉල්ලා සිටියා එහෙත් කපුවා පැවැසුවේ දෙවියන්ට කැපැකල මුදල් නැවැත ලබාදීමට නොහැකි බවටයි.

මේ අනුව කාන්තාව විසින් මුදල් ඉල්ලා පැමිණිල්ලක් කර තිබුණා.

කාන්තාවගෙන් ලැබුනු පැමිණිල්ල විභාග කිරීම සදහා දේවාලයේ කපු මහතාට සහ පැමිණිලි කරුට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබුණා.

ඒ අනුව පෙරේදා (03) දින පෙරවරුවේ දෙපාර්ශවයම පැමිණ සිටී අතර මෙම පැමිණිල්ල දෙවියන් අතර සිදුවූ ගණුදෙනුවක් බැවින් ඌරුබොක්ක පොලීසියේ ස්ථානාධිපති ගිහාන් චමිල රාජපක්ෂ මහතා පැමිණිල්ල විභාග කිරීම සදහා කටයුතු කළා.

ඒ අනුව ස්ථානාධිපතිරයා ඉදිරියේ දේවාලයේ කපුවා බවට සැලකෙන පට්ටිගල ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයා කියා සිටියේ මෙම කාන්තාවගේ ඇගේ දිෂ්ටියක් තිබෙන බවත් ඒ නිසා වරින් වර අසනීප වන බැවින් එම ලෙඩය සුව කර දෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව පූජා පැවැත්වුවා ඒ වගේ වැඩ කල බවත් ඒ සදහා කාන්තාවගෙන් මුදල් ලබාගත් බවට පවසා සිටියා.කාන්තාව වරින් වර දුන් මුදල් මගෙන් ඉල්ලනවා නමුත් එම මුදල් ලබාදුන්නේ දෙවියන්ට  ඒ නිසා දෙවියන්ට  කැප කල මුදල් නැවැත ලබා දෙනවාට දෙවියන් අකමැති බවට දෙවියන් තමන්ට පැවැසු බවට කපුවා ස්ථානාධිපතිවරයා ඉදිරියේ කියා සිටියාය.

කාන්තාව කියා සිටියේ මෙම දේවාලයෙන් ප්‍රතිකාර ගන්නා විට තමන්ට සුව වු බවත් කපුවා තව දුරටත් තමන්ගෙන් මුදල් ලබා ගැනීම සදහා තමන් ලෙඩ කලා ඒ නිසා නැවැත රෝගය උත්සන්න වුනා ලෙඩ සනීප කිරීමට නම් මෙච්චර මුදලක් අවශ්‍ය බවට කපුවා සවසන බවයි.මේ වනවිට තමන්ගේ ත්‍රිරෝද රථය උගස් කරලා මුදල් අරන් කපුවට දුන්නා.අවසානයේ මගේ ලග තිබුණු මුදල් ඔක්කෝම දීලත් රෝගය සුව නොවුන බවත් අවසානයේ තේ දළු කඩන අක්කර දෙකක තේ ඉඩම උගස් කරලා මුදල් දුන්නා දැන් මම කපුවට දීලා තියෙනවා රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ඒ දීලත් මගේ රෝගය සුව වුනේ නැහැ කියලා.මගේ ත්‍රීරෝද රථයත් නැති වුනා මගේ තේ දළු කඩන අක්කර දෙකේ ඉඩමත් මට නැති වුනා ඒත් මගේ රෝගය සුව වුනේ නැහැ ඒ නිසා

මේ කපුවට දීල තියෙන මුදල් ටික අරගෙන දෙන්න කියලා කාන්තාව ස්ථානාධිපති වරයා ඉදරියේ හඩා වැටෙමින් ඉල්ලා සිටියා.

දෙවියන් ලබාගත් මුදල් නැවැත ලබා දෙනවාට දෙවියන් අකමැති බැවින් මුදල් ආපසු ලබාදිය නොහැකි බවට කපුවා පවසා සිටියා.

මෙම ගැටළුව සමතයකට පත් කිරීමට ස්ථානාධිපතිවරයා කරුණු අවබෝධ කර දුන් අතර එහෙත් අවසානයේ දේවාලයේ කපුවා කියා සිටියේ දෙවියන්ට කැපකල මුදල් ආපසු ලබා දෙනවාට දෙවියන් අකමැති බවයි.ඒ අනුව මෙම මුදල් වංචාව සමතයකට පත් කිරීම සදහා සමත මණ්ඩලයට යොමු කිරීමට ස්ථානාධිපති වරයා තීරණය කළාය.

අසනීපයකින් හෝ වෙනත් කරුණක් හේතුවෙන් අසරණ තත්වය කෙනෙක් පත්වුනාම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න පිරිසක් බලාගෙන ඉන්නවා.ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ.ඒ නිසා අසනීපයක් තියෙනවානම් රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න මේ වගේ දේවාල ගානේ ගිහිල්ල අසනීපය සුව වෙන්නෙත් නැතුව ලග තිබුන දේපලත් සල්ලිත් දෙකම නැතිකරගෙන දුක් විදිනවට වඩා හොදයි.මේ පළාතේ දේවාල දිනපතාම බිහිවෙනවා.ඒ දේවාල ගානේ ගිහිල්ල දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් නැති කර ගෙන අවසානයේ පොලීසියට එනවා දේවාලයේ කපුවා මුදල් මෙච්චර ගත්තා අච්චර ගත්තා නමුත් අසනීපය සුව වුනෙත් නැහැ දැන් ගත්ත මුදල් දෙන්නෙත් නැහැ කියලා.ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනවා නම් මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්නේ නැහැ.දැන් මේ දේවාලයේ මුදල් ගත්ත කපුවා කියන්නේ ඒවා මම නෙවෙයි ගත්තේ දෙවියන් විසින් බවට පවසනවා.

අතාවුද පතිරණ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top