සිසුවියට ලිංගික පාඩමක් උගන්වන්න ගිය උපකාරක පන්ති ගුරුවරයා
Wednesday, 05 February 2020 - 10:14 | Views - 868
බඩල්කුඹුර පොලිස් වසමේ කරදගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
අතවරයට ලක්වූ දැරිය ගණිතය විෂය ඉගෙන ගැනීම සඳහා උපකාරක පන්තියකට යන අතර ගණිතය විෂය උගන්වන ගුරුවරයා ඇයව ඔහුගේ මෝටර් රථයේ නංවාගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත්කොට ඇත.
ඒ පිළිබඳව දැරිය විසින් මවුපියන්ට දැන්වීමෙන් අනතුරුව බඩල්කුඹුර පොලිසියට පැමිණිලි කර ඇත.
සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා පැවැසීය.
Share This Article