සිංගප්පූරු ජාතිකයින් හතරදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
Wednesday, 05 February 2020 - 9:06 | Views - 507
සිංගප්පූරුව තුළ දේශීයන් අතරද කොරෝනා වෛරසය පැතිරයන බවට විදෙස් වාර්තා අනාවරණ කළා.
ඒ, සිංගප්පූරු ජාතිකයන් හතරදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.
මොවුන් කිසිදිනක චීනයේ සංචාරය කර නොමැති බවටයි වාර්තාවන්නේ. මේ අතර ජපානයට ළගා වූ පුද්ගලයන් 3500 ක් රැගත් මගී ප්රවාහන නෞකාවක සිටි පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එහි ගමන් ගත් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බැවින් එහි සිටි අනෙක් පිරිස නිරෝධායනයට ලක් කිරීමටයි ජපානය තීරණය කර තිබුණේ. අදාළ නෞකාවේ මගීන් 2500 දෙනෙකු ගමන් කර ඇති අතර, කාර්ය මණ්ඩලයේ දහසක් ද එහි සිට තිබෙනවා.
Share This Article