කොරෝනා රෝගීන් දෙදෙනෙකු එකිනෙකාට සමුදෙන සංවේදී වීඩියෝව
Wednesday, 05 February 2020 - 8:22 | Views - 893
වයස අවුරුදු 80 ඉක්මවා සිටින කොරෝනා වෛරසයට ගොදුරු වූ වයෝවෘද්ධ රෝගීන් දෙදෙනෙකු එකිනෙකාට සමුගන්නා අයුරු දැක්වෙන අතිශය සංවේදී වීඩියෝවක් මේ වන විට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වෙමින් පවතිනවා.
 
මොවුන් කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති අතර දෙදෙනා ඉතා සමීපව දෑත් අල්ලාගෙන සිටින අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

මේ වන විට ICU (දැඩිසත්කාර ඒකකයේ) ප්‍රතිකාර ලබමින් සිටින මෙම වැඩිහිටි යුවළගේ රෝගී තත්ත්වය ධනාත්මක මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
ට්විටර් ඔස්සේ මෙම වීඩියෝව සංසරණය වීමත් සමඟ මෙය බෙදා හදාගත් පුද්ගලයින් විවිධ අදහස් දක්වා තිබුණා. වැඩිහිටි යුවළ ඔවුනොවුන්ට ප්‍රකාශ කරන දේ පැහැදිලිව වටහා ගැනීමට නොහැකි බවයි ඇතමුන් පවසන්නේ.
 
"මේ මහලු අය දුක් විඳින හැටි බලන එක හරිම භයානකයි... තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පෙනෙන්නේ.."
 
"ආදරණීයයාට පක්ෂපාතීත්වය... මොන තරම් කණගාටුදායක වීඩියෝවක්ද? නමුත් එය ජීවිතයේ අවසානය දක්වා අවසන් නොවන ප්‍රේමයේ තේජස ගැන බොහෝ දේ කියයි.."
 
සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වූ පිරිස් මෙම යුවළට ආශිර්වාද එක් කොට තිබුණා.
 
"වෛරසය පරාජය කරන්නට එම යුවළ සමත් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු..."
 
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති අතර 20,000 කට ආසන්න පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
සමාජ මාධ්‍ය තුළ සැරිසරන වීඩියෝව පහතින් බලන්න...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top