ඩොලර් සියයයේ නෝට්ටු 706 ක් සමඟ දෙදෙනෙකු මන්නාරමෙන් අල්ලයි
Wednesday, 05 February 2020 - 7:33 | Views - 571
ඇමරිකානු ඩොලර් සියයයේ නෝට්ටු 706 ක් සහිත පාර්සලයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යුද හමුදාව සහ පොලීසිය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම - තාරපුරම් මංසන්ධියේ යුද හමුදා මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි සඟවා තිබූ මෙම මුදල් නෝට්ටු පාර්සලය සොයාගනු ලැබුවේ ඊයේ දිනයේයි.

මෙම විදෙස් මුදල් නෝට්ටු ලැබුණු ආකාරය පිළිබඳව යතුරුපැදිකරු පැහැදිළි කිරීමට අපොහොසත් වූ බැවින් එය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදලක්ද යන්න සම්බන්ධයෙන් සැකපිට යතුරුපැදිය පැදවූ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකුද ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු 38 හැවිරිදි මන්නාරම - පල්ලිමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top