විදුලිය කැපීම ගැන ඇමති, මණ්ඩලයෙන් කරුණු විමසයි - ගැටළුව කැබිනට්ටුවට
Wednesday, 05 February 2020 - 7:29 | Views - 335
ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයෙන් කරුණු විමසා තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ පෙරේදා පෙරවරු කාලයේ මෙලෙස විදුලි කප්පාදුවක් ඇතැම් ප්‍රදේශවලට සිදුකර ඇති බවයි.

දැනට පවතින කරුණු අනුව විදුලි කප්පාදුවකට යාමට තරම් හේතුවක් නොතිබූ බව මෙහිදී විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය දැනුම්දී ඇති බව සඳහන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම, මේ වනවිට ණය සීමාව ඉක්මවා ඇතත්, විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවට තමන් දැනුවත් කළේ නම් ඊට ඉඩ නොතබන බව එම සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය අමාත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් බිලියන 88 ක් ඉක්මවා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.

එම තත්ත්වය පැහැදිළි කර කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා කරන බවත්, ඔහු දැනුම්දී තිබෙනවා.

අවශ්‍ය නම් ණය සීමාව වැඩි කරගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සූදානමින් සිටින බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් යළි කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොවන ආකාරයට වගබලා ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට තරයේ අවවාද කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊයේ පැවති එම සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ නිලධාරීන් මෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුලූ නිලධාරීන් පිරිසක්ද එක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top