නව එස්.ටී.එෆ්. ප්‍රධානියාගේ නම, අද පොලිස්පතිට
Wednesday, 05 February 2020 - 7:27 | Views - 713
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන නිලධාරියා
අද දිනයේදී වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙන බව ජාතික පොලිස් කොමිසම පවසනවා. වැඩබලන පොලිස්පතිවරයා විසින් එම තනතුර සඳහා නම් දෙකක් යෝජනා කර අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබුණා.
ඒ අනුව පසුගිය සතියේදී පොලිස් කොමිසම රැස්වී පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කර ඇති බව සඳහන්.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඊයේ විශ්‍රාම ගනු ලැබුවා.
වසර 41 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ රාජකාරි කළ ඔහුට පසුගිය වසරේදී වසරක සේවා දිගුවක්ද ලබාදී තිබුණා.
Share This Article