ත්‍රිවිධ හමුදාව හැරගිය පිරිස්වලට අද සිට සතියක පොදු සමා කාලයක් - අනවසර ගිනි අවි භාරදීමටත් අවස්ථාව
Wednesday, 05 February 2020 - 7:25 | Views - 767
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට අද සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය මේ මස 12 වනදා දක්වා බලපැවැත්වෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දිනට පෙර සේවය හැර ගිය සාමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය වලංගු වනු ඇති.
මේ අතර බලපත්‍ර නොමැතිව භාවිත කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි රජයට භාරදීමේ සහන කාලයද අද සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ මස 12 වනදා දක්වා එය ක්‍රියාත්මක අතර, බලපත්‍ර නොමැති ගිනිඅවි පවතීනම්, එම කාලසීමාව තුළදී අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත ඒවා භාරදිය හැකි බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
Share This Article