සුඛෝපභෝගී ගණිකා නිවාසයක් වටලා කළමනාකරු ඇතුළු කාන්තාවන් සිව්දෙනකු අල්ලයි
Tuesday, 04 February 2020 - 17:12 | Views - 1,026

නාරාහේන්පිට ප‍්‍රදේශයේ රුපියල් 65000 ක මාසික කුලී මුදලක් ගෙවා අති සුඛෝපභෝගී නිවසක් තුළ ආරක්‍ෂිත කැමරා යොදා පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි කළමනාකරු සහ කාන්තාවන් සිව් දෙනෙක් පෙරේදා (01 දා) අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය සමත් විය.
ලද තොරතුරකට අනුව දින කිහිපයක් ආවේක්‍ෂණ රාජකාරි කිරීමෙන් පසු මාළිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රුපියල් 4000 ක මුදලක් ලබාදී උපාය දූතයකු යොදවා උ.පො.ප. සඳරුවන් ඇතුඵ පොලිස් කණ්ඩායමක් වැටළීම සිදුකර ඇත.
කළමනාකරු විසින් ලබාදුන් ප‍්‍රකාශ අනුව ගණිකා නිවස පවත්වාගෙන යන හිමිකරු ගෙන්වා ප‍්‍රශ්න කිරීමේදී එහි හිමිකරු කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වයෝවෘද්ධ අයෙක් බවඅනාවරණය වී ඇත. සුරූපී කාන්තාවක් මගින් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.
අත්අඩංගුවට පත්වූ කාන්තාවන් යක්කලමුල්ල, වැලිගම, අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 29, 33, 34 සහ 35 වියේ පසුවන අය බව පොලිස් නිලධාරියෙක් පැවසිීය. පැයකට රුපියල් 4000 ත් 5000 ත් අතර අධික මුදලකට ගණිකා වෘත්තිය සඳහා ගැණුම්කරුවන්ට මොවුන් අලෙවි කර ඇත.
Share This Article