විවාහ වී දින 5කට පසුව තරුණියකට මරු කැඳවූ අවාසනාවන්ත පුහුණුව
Tuesday, 04 February 2020 - 17:07 | Views - 2,030
විවාහ වී දින 5කට පසුව රිය පුහුණුවක් අතරතුරදී තරුණියක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බිබිල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රිදිමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක්.
මියගිය තරුණිය බිබිල මහියංගන මාර්ගයේ හෑපොළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ පුහුණුව ලබමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ.
මාර්ගයේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ පුහුණුකරු ද සිට ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු බිබිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බිබිල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු මෙම තරුණිය මීට දින 5කට පෙර විවාහ වී තිබෙනවා.
බිබිල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article