කුවේටයේ සිට ගෘහ සේවිකාවන් 58 දෙනෙක් දිවයිනට
Tuesday, 04 February 2020 - 12:12 | Views - 729
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) උදෑසන  කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා.

ඔවුන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන හිරිහැර, කරදර ඉවසා ගැනීමට නොහැකිව එම නිවෙස් වලින් පලායමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබුණා.

පසුව ඔවුන් තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙලෙස ශ්‍රී ලංකාවට පිටත්කර ඒවා තිබුණා.

මෙම පිරිස අද (04) උදෑසන 6.20ට පමණ කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 230 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප  වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදී පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 'සහන පියස' වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top