ලොවම කළඹමින් පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුව යොමුකළ මතීෂ
Tuesday, 04 February 2020 - 9:13 | Views - 1,711
පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යොමුකළ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව පසුගිය දිනවල බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේදී ඊයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදියි.
කෙසේ නමුත්, මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැති පසුබිමක ඔහු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ සටහනක් තබා තිබෙනවා.
ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යොමුකරන ඔහු පුහුණුවීම්වල නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් ICCය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම වීඩියෝව පහතින්
Share This Article