ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරකයාට ශ්‍රී ලංකාවේ සම්බන්ධයක්
Tuesday, 04 February 2020 - 8:11 | Views - 983
පසුගිය දා ලන්ඩනයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සුදේශ් අම්මාන් නමැත්තාගේ ශ්‍රී ලාංකික ඥාති සම්බන්ධයක් පවතින බව ලන්ඩන් වාර්තා අනාවරණ කළා.
එම ප්‍රහාරය එල්ල කළ 20 හැවිරිදි සුදේශ් අම්මාන් පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු ඊට පෙර ත්‍රස්තවාදී චෝදනා මත සිර දඬුවම් විදි පුද්ගලයෙකු වන අතර, බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත්තේ පිහි ප්‍රහාරය එල්ල කිරීමට සතියකට පමණ පෙරයි.
මේ හේතුවෙන් ත්‍රස්තවාදී චෝදනා ලැබූ පුද්ගලයන් මුදා හැරීම සඳහා වන නීති රීති සංශෝධනය කිරීම පිළිබදව ද බ්‍රිතාන්‍යය අගමැතිවරයාගේ අවධානය යොමු වුණා.
මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.
ගෝලීය අයි.එස්. විරෝධී සන්ධානයට අයත් ජාතීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි එම සංවිධානය පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
Share This Article