අභිමානවත් 72 වන ජාතික නිදහස් සැමරුම අදයි
Tuesday, 04 February 2020 - 7:44 | Views - 606

72 වන නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසු සිදුකෙරෙන පළමු නිදහස් දින සැමරුම් උළෙල ද මෙය වනවා.
මහජනතාවට සිදුවන අපහසුතාව අවම කිරීම උදෙසා මෙවර නිදහස් චතුරස‍්‍රයේදී නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාවේ 3376ක්, නාවික හමුදාවේ 799ක්, ගුවන් හමුදාවේ 847ක් සහ පොලීසියේ 596ක් එක්වනවා.
මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ 327 දෙනෙකු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 385 දෙනෙකු සහ ශිෂ්‍ය භට බලකා නිලධාරීන් දෙසිය පනස් දෙදෙනෙකු ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වනවා.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් සන්නද්ධ රථ ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වීමට නියමිතයි.
නිදහස් දින සැමරුම් උළෙල සඳහා ගාලූ මුවදොරපිටියේදී නාවික හමුදාවට අයත් නෞකා නැංගුම් දැමීමටත්, එහිදී ජාතිය වෙනුවෙන් සිය ආචාරය පිළිගැන්වීමටත්, සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
Share This Article