ලන්ඩනයේ පිහි ඇනුම් කළ සැකකරු වෙඩි පහරින් මරුට
Monday, 03 February 2020 - 16:33 | Views - 1,532
ලන්ඩනයේදී පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් සැකකරු පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

20 හැවිරිදි සුදේශ් මමූර් ෆරාස් අම්මාන් නමැති ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ, ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවය.

ලන්ඩන්හි ස්ට්‍රීට්හැම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී පොලීසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇති අතර, ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූවෙකු බව අනාවරණය වෙයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top