ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්
Monday, 03 February 2020 - 15:05 | Views - 447
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව මෙම උපදෙස ලබාදී ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘‘ද ටෙලිග්රාෆ් පුවත්පත’’ වාර්තා කර තිබූ බව හිරු ප්රවෘත්ති ඔස්සේ මීට පෙර අනාවරණ කළා.
ඒ අනුව පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කර තිබුණා.
Share This Article