ඊසානදිග චීනයේ හයිලොන්ජියැං ප්‍රදේශයේදී කොරෝනා වයිරසය වැළඳී ඇති ගර්භනී කාන්තාවක් නිරෝගී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
එම කාන්තාවට සති 38 ගතවන කාලයේ දී මෙසේ කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් කිලෝග්‍රෑම් 03ක් පමණ බරැති දරුවෙකු ඇය විසින් ප්‍රසූත කර තිබෙන බවටයි වාර්තාවන්නේ.
මව සහ දරුවා නිරෝධායනය සිදු කර ඇති අතර ඔවුන්ගේ නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ.