වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්
Monday, 03 February 2020 - 13:49 | Views - 815
කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ තවත් පරීක්ෂණ කිහිපයක වාර්තා ලැබීමෙන් පසු ඇය රෝහලෙන් පිටත් කර හැරීම පිලිබඳව තීරණය කරන බව රෝහල් අධිකාරි වෛද්‍ය හසිත අත්තනායක පවසනවා.
මීට පෙර ප්‍රකාශ කළේ ඇයට අද දිනයේ රෝහලෙන් පිටව යාමට අවස්ථාව පවතින බවටයි.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වෙමින් එහි සභාපති, වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට දේශීය වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකර්ම ඇති බවයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා චීනයේ සිට එම ගුවන් සේවා 3 කට අයත් යානා 3 කින් පුද්ගලයින් 61 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
ඉන් 50 දෙනෙකු චීන ජාතිකයින් වන අතර ඉතිරි 11 දෙනා ශ්‍රී ලාංකික මගීන්.
කෙසේ වෙතත්, චීනයේ සිට කටුනායක ගුවන්තොටුපල වෙත ගුවන් මගීන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.
Share This Article