කුලී ගමනක් යාමට පැමිණි දෙදෙනෙකු ත්රිරෝද රථ රියදුරෙකුට කළ අපරාධය
Monday, 03 February 2020 - 12:52 | Views - 469
මිනුවන්ගොඩ - ජාඇළ මාර්ගයේ ඒකළ - මොන්ටා මංසන්ධිය ආසන්නයේදී ත්රිරෝද රථයකින් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එහි රියදුරුට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබෙනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරා ජාඇළ පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් විසින් රෝහල් ගතකිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඊයේ රාගම රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී ත්රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 67 හැවිරිදි ඔහු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වි නැහැ.
Share This Article