විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙයි
Monday, 03 February 2020 - 12:21 | Views - 483
විදෙස් ගතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.
ඉදිරි මහ මැතිවරණය සඳහා සංවිධාන කටයුතු සිදු කිරීමට නියමිත හෙයින් බැසිල් රාජපක්ෂගේ පැමිණීම වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඔහු පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නායකයින් රැසක් පැමිණ සිටියා.
ගුවන් තොටුපොලේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමට සූදානමින් සිටින බවයි.
Share This Article