කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය වෙයි
Monday, 03 February 2020 - 10:47 | Views - 1,485
කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය විය හැකි බව චීනයේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණ කර තිබෙනවා.
සනීපාරක්ෂාව අවම වීම සහ එහි දුර්වලතා හේතුවෙන් පාංශු ආහාර සහ ජල මූලාශ්‍ර දූෂිතවීම තුළින් එය සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
වූහාන් විශ්වවිද්‍යාලයේ රෙන්මින් රෝහලේ සහ වූහාන් හි චීන විද්‍යා ඇකඩමියේ වෛරස අධ්‍යයන ආයතනයේ විශේෂඥයන් පිරිසක් අනාවරණ කර ඇත්තේ කොරෝනා වෛරසයේ පොදු රෝග ලක්ෂණය වන උණ වෙනුවට ඇතැම් ආසාදිතයන්ට පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවයි.
Share This Article