පිලිපීනයේ සූකර උණ වසංගතයක්
Monday, 03 February 2020 - 9:49 | Views - 1,076
අප්‍රිකානු සූකර උණ වෛරසය දකුණු පිලිපීනයෙන් වාර්තා වන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.

ලොව දස වන විශාලතම ඌරු මස් පාරිභෝගිකයා වන පිලිපීනය එම තත්ත්වය මැඬ පැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අප්‍රිකානු සූකර උණ වෛරසය ආසාදනය වීම මුලින්ම වාර්තා වී ඇත්තේ මින්දනාවෝ දිවයිනෙන් සහ ඩවාවෝ ප්‍රාන්තයෙන්.

පිලිපීන කෘෂිකර්ම ලේකම්වරයා සඳහන් කළේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ දිවයින් අතර සතුන් ප්‍රවාහනය සීමා කිරීමට පියවර ගන්නා බවයි. ලොව 7 වන විශාලතම ඌරු මස් ආනයනකරු වන පිලිපීනයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ද සූකර උණ වාර්තා වුණා.

මේ නිසා වෛරසය පැතිරුණු ප්‍රදේශවල ඌරු මස් පාරිභෝජනය ද අත්හිටුවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top