පිලිපීනයේ සූකර උණ වසංගතයක්
Monday, 03 February 2020 - 9:49 | Views - 1,077
අප්රිකානු සූකර උණ වෛරසය දකුණු පිලිපීනයෙන් වාර්තා වන බව එරට බලධාරීන් ප්රකාශ කළා.
ලොව දස වන විශාලතම ඌරු මස් පාරිභෝගිකයා වන පිලිපීනය එම තත්ත්වය මැඬ පැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අප්රිකානු සූකර උණ වෛරසය ආසාදනය වීම මුලින්ම වාර්තා වී ඇත්තේ මින්දනාවෝ දිවයිනෙන් සහ ඩවාවෝ ප්රාන්තයෙන්.
පිලිපීන කෘෂිකර්ම ලේකම්වරයා සඳහන් කළේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ දිවයින් අතර සතුන් ප්රවාහනය සීමා කිරීමට පියවර ගන්නා බවයි. ලොව 7 වන විශාලතම ඌරු මස් ආනයනකරු වන පිලිපීනයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ද සූකර උණ වාර්තා වුණා.
මේ නිසා වෛරසය පැතිරුණු ප්රදේශවල ඌරු මස් පාරිභෝජනය ද අත්හිටුවා තිබෙනවා.
Share This Article