ගල්කිස්සේ රාත්රී සමාජශාලවකදී පුද්ගලයෙකු ඝාතනය කරලා
Monday, 03 February 2020 - 9:29 | Views - 548
ගල්කිස්ස ප්රදේශයේ රාත්රී සමාජශාලාවකදී පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. අද උදෑසන 6 ට පමණ ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ රාත්රී සමාජශාලාව තුළ නර්තනයේ යෙදෙන අවස්ථාවේ කාන්තාවක් මුල් කරගනිමින් ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බවයි.
එහිදී තුවාල ලැබූ තවත් දෙදෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article