චීනයේ තවත් නගරයක් වසා දමයි
Monday, 03 February 2020 - 9:26 | Views - 2,872
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වෙන්සු නගරය ද වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
වූහාන් සිට කිලෝමීටර 800 ක් දුරින් පිහිටි වෙන්සු නගරය එලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ මේ වනවිට වෛරසය පැතිරිම වැළැක්වීම අසීරු වී ඇති බැවින් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර වූහාන් සිට ප්‍රංශය ඉවත්කරගන්නා ලද පුද්ගලයන් 250 අතරින් 20 දෙනෙකු කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ වෛරසය අසාදිත ද නැද්ද යන්න තහවුරු කෙරෙන පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිශ්චිතව ප්‍රකාශයක් සිදුකරන බවයි ඔහු පවසා ඇත්තේ.
Share This Article