දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
Monday, 03 February 2020 - 8:22 | Views - 489
සබරගමුව පළාතේත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (03) සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දිවයිනේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
වයඹ පළාතේත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40ක් පමණ දක්වා වැඩි විය හැකියි.
Share This Article