කුකුළන් බේරන්න ගිහින් පතලක් ඇතුළට වැටුණු තරුණයින් තිදෙනෙක් ජිවීතක්ෂයට
Monday, 03 February 2020 - 8:09 | Views - 501
අවිස්සාවේල්ල - මාළිගාව මාවත ප්‍රදේශයේ අතහැර දමන ලද පතලකට වැටීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (02) රාත්‍රි 7.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17, 27 සහ 25 වයස්වල පසුවන තරුණයන් තුන්දෙනෙක්.
පතලට වැටී සිටි කුකුළන් දෙදෙනෙකු බේරාගැනීමට ගිය අවස්ථාවේ මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
Share This Article