නිදහස් සැමරුමේ විශේෂ රථවාහන සැළැස්ම අදත්
Monday, 03 February 2020 - 8:04 | Views - 374

72 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) උදෑසන 7 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් පෙදෙස, මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය, කන්නංගර මාවත සහ මාර්ක්ස් ප්‍රනාන්දු මාවත මෙලෙස වසා තැබෙනු ඇති.
මීට අමතරව පදනම් පාර සහ විජේරාම පාර - හෝර්ටන් වටරවුම දක්වා කොටස ද වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
මෙවර නිදහස් දින ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ආචාර පෙළපාලි සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 7267ක පිරිසක් එක්වනවා.
ජාතික නිදහස් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සූදානම් කර අවසන් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර, හෙටට (04) යෙදෙන ජාතික නිදහස් දිනයට සමඟාමීව සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන වෙත රජය දැනුම් දී තිබෙනවා.
මීට අමතරව නිදහස් දිනයට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධාන කර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article