
දැනට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මෙරට පැතිරීම මැඩලීම සදහා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආයුර්වේද පිළියම් මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකාවක් සකස් කොට ඇත.
එම අත්පත්රිකාවේ මුල් පිටපත පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික ගුණවර්ධන මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත ලබාදීම (01) දින මධ්‍යම පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභවේ සභාපති එල්.ඩි.නිමලසිරි,මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න,ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගාමිණී රාජරත්න,සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජයවික්‍රම,ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බි.රත්තානය යන මහත්ම මහත්මීන් එක් වුහ.
84 Views
104 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
136 Views
147 Views
219 Views
254 Views
707 Views
77 Views
38 Views