ශ්‍රී ලංකන් - එයාර් බස් ගණුදෙනු ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග
Sunday, 02 February 2020 - 15:33 | Views - 434
ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘‘ද ටෙලිග්රාෆ් පුවත්පත’’ වාර්තා කර තිබූ බව හිරු ප්රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.
එම චෝදනා පිළිබඳ සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර ඇත්තේ.
Share This Article