කේරළ ගංජා කිලෝ 300 ක් සමඟ හතරදෙනෙකු නාවික හමුදා භාරයට
Sunday, 02 February 2020 - 15:33 | Views - 384
යාපනය - පුංකුඩිතිව් මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මුර සංචාරයක් අතරතුර සැකකටයුතු අදාළ යාත්‍රාව පරීක්ෂාවට ලක් කර, එහි තිබූ කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු භාරයට ගැනුනා.
පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු සංගුපිඞ්ඩි ප්‍රදේශයේදී අද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.
Share This Article