වූහාන් සිට පැමිණි 33 දෙනා දෛනිකව දෙවරක් පරීක්ෂාවට - තවත් ශ්‍රී ලාංකිකයන් 141 දෙනෙකු දිවයිනට
Sunday, 02 February 2020 - 15:16 | Views - 363
නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා.
 
එහිදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
 
ඊයේ දිවයිනට පැමිණි එම පිරිස මේ වනවිට දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, අවශ්‍යතාවක් ඇතිවුවහොත් යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ද ඒ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාශයේ එම උසස් නිලධාරියෙකු කියා සිටියේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැකසහිත පුද්ගලයන් 18 දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
 
ඒ අනුව අංගොඩ උණ රෝහලේ පුද්ගලයින් 4 දෙනෙකු, කුරුණෑගල මහ රෝහලේ තුන්දෙනෙකුද, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දෙදෙනෙකු බැගින්ද සිටිනවා.
 
මේ අතර ඊයේ රාත්‍රියේ සිට අද අලූයම දක්වා කටුනායක ගුවන් තොටුපලට චීනයේ සිට ගුවන් යානා 3 කින් තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
ඔවුන් සියලූදෙනා ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා නිවෙස් වෙත පිටත් කර ඇති බව සඳහන්.
 
රජය, නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම නිසා මෙරට කොරෝනා වෛරසය පැතිරීම වළක්වාගැනීමට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.
 
ඒ, ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top