නිදහස් දින සැමරුමට අඩි 1500ක් ඉහළින් අඩි 50ක ජාතික ධජයක්
Sunday, 02 February 2020 - 14:53 | Views - 1,191
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අඩි 50ක දිගින් සහ අඩි 30ක පළලින් යුතු ජාතික ධජයක් නිර්මාණය කරන පුවතක් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයෙන් වාර්තාවුණා.
සීතාවකපුර මානියම්ගම රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශවාසීන් සහ බෞද්ධ සංගමය ඒකාබද්ධවයි එම ධජය නිර්මාණය කෙරෙන්නේ.
නිදහස් දින උදෑසන මෙම ජාතික ධජය අඩි 1500ක උසකින් යුත් සීතාවකපුර - යකහටුවාව කඳුමුදුනේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මෙම යකහටුවාව කඳුමුදුන හැඳින්වෙන්නේ මහා රාවණා රජුගේ සෙනෙවියෙකුගේ දේහය මිහිදන් කළ ස්ථානයක් ලෙසයි.
මේ වනවිට එම ධජය නිර්මාණය කිරීමේ කටයුතු සිදුවන්නේ සීතාවකපුර මානියම්ගම රජමහා විහාරස්ථානයේදියි.
මේ අතර අනිද්දාට යෙදෙන ජාතික නිදහස් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූම යටිතල පහසුකම් සූදානම් කර අවසන් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.
ආරක්ෂක සැළසුම් මෙන්ම සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කිරීම සඳහාද ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි ජාතික නිදහස් සැමරුම් දින සංවිධාන කමිටුව නියෝජනය කරන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක සඳහන් කළේ.
Share This Article