මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13ක් අත්අඩංගුවට
Sunday, 02 February 2020 - 10:24 | Views - 543
විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ක්‍රියාත්මක රථ වාහන සෝදිසියකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බව සඳහන්.ඔවුන් සතුව තිබී කේරළ ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.මෙම පුද්ගලයන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.හැටන් පොලිස් අධිකාරී චූලනී වීරරත්න සඳහන් කළේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයෙන් පසු මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණි පුද්ගලයන් 350කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
Share This Article