මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13ක් අත්අඩංගුවට
Sunday, 02 February 2020 - 10:24 | Views - 544
විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ක්‍රියාත්මක රථ වාහන සෝදිසියකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බව සඳහන්.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හැටන් පොලිස් අධිකාරී චූලනී වීරරත්න සඳහන් කළේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයෙන් පසු මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණි පුද්ගලයන් 350කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top