චීනයෙන් පැමිණෙන ගුවන් යානාවල කැපී පෙනෙන අඩුවක්
Sunday, 02 February 2020 - 10:08 | Views - 612
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගී ගුවන් යානාවල කැපී පෙනෙන අඩුවක් සිදුව තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ මෙම ගුවන් යානාවලින් බොහොමයක් චීන ගුවන් සමාගම්වලට අයත් ඒවා වන බවයි.

දැනට චීනයේ සිට පැමිණෙන ගුවන් යානාවලද පැමිණෙන්නේ සීමිත මගීන් සංඛ්‍යාවක් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව ප්‍රකට ගුවන් සේවා සමාගම් රැසක් චීනය වෙත සිදුකරන සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.

මේ අතර, අද දිනයේදී චීනයේ වූහාන් නගරයේ සිර වී සිටින තවත් වැසියන් පිරිසක් සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එංගලන්තය පවසනවා.

මීට පෙර චීනයේ සිට එංගලන්තයට පැමිණි 83 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top